nevigation bar

Monday, August 6, 2018

වන වදුලු වල මගේ තුරුලේ ගී ගයමින්..
 ආදරය කල පෙම්වතිය 
අද නොඑන ගමනක් යන්න ගිහිල්ලා 
පිනි වැටෙනා රාත්‍රියේදී 
මෙන් අපේ ආදරය නැමැති මලේ පෙති අග 
පිණි නැමැති කදුලක් ඉතිරි කරලා .. 
සඳ මිහිදුමට අසු වූවා සේ ඔබේ සුන්දර මුහුන සුදු සලුවකින් ආවරණය කරගෙන ඔබ නිහඩවම යන්න ගියා ' ....  
මේ අදුරු ජීවිතයේ , අදුරෙන් වැසී තිබූ මාවත ඔබ සදක් වගේ පායලා ඒ මංපෙත පාදලා දුන්නා ...

Sunday, October 2, 2016

නූතන අපේ ආදරය


ආදරය
සිවු වසරක් ,පස් වසරක් ලෙස
සුදු රෙද්දක් මත  පමණක් දෝරේ  ගලයි

බලන්න

හපා විසි කල චුවින්ගමයක්
මග වැටී ඇත
තවත් කෙළතොලු කටකට
අසූවේද බයෙන්

"හුස්ම ගමින්  හෙමින් හෙමින් ..."


Wednesday, August 31, 2016

තුන්කොන් ආදරය

සයුර මා විය..අහස ඔබ විය..
දෙදෙන යා කල..ක්ෂිතජයක් විය.. 

සසල කර හද 
නුඹට ලං කර  
විදවමී තව 
අතර මැදි සිත 


නුඹට මා විය 
මටද නුඹ විය 
සිතුවේ නෑ තව කෙනෙක් නුඹ හැර

එනුදු ප්‍රේමය කෙසේ හගවම්ද
ලෝකයා හෙට කියයි රස කර 
අදත් මුහුදේ හිරු සැගව ගිය බව 

සැබවින්ම හිරු හෙටත් පයාවි අදුරු අහස එකලු කරගෙන 


Thursday, May 12, 2016

හිමි වී අහිමි වී.....


ඔබ පෙම් කල අය ඔබට ලෑබී නැත...
මා පෙම් කල අය මටද ලෑබී නැත...
සිහින  පමණක් හිතේ ඇති
මග බලා හඩන..
..
.
මවුපිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත...