nevigation bar

Saturday, February 20, 2016


බිම් ගෙවල්... 

පල්ලම් බැස
පහසුවෙන්
කොළඹ යන

කඳු නැග නැග
අපහසුවෙන්
උඩරටට යන

ටිකිරි මැණිකෙලාව
උඩරට මැණිකෙලාව
ගිලගන්න වමාරන


ගිලගන්න වමාරන


    .
    .
    .
    .
   කලුවර 
   බිම් ගෙවල්....


                   **අකලංක**

යාවත්කාලීන කිරීම : ලොව ම ගිල ගන්නා Zika ගැන ඔබ නොදැන සිටි                             අලුත් ම කතාව මෙන්න


මුළු ලෝකයේ අවධානයට ලක්ව තිබෙන සිකා වෛරසය මදුරුවෙකු මගින් පැතිර යන බවට හඳුනා ගත්ත මේ වන විට සම්බන්ධයෙන් අලුත් අනාවරණයක් ඉදිරිපත් වී තිබෙ.

ලිංගික සංසර්ගය මගින් වෛරසය වැළඳුණු රෝගියෙකු පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වීමත් සමග .
අමෙරිකානු රෝග පාලන ආයතනය පවසන්නේ, ටෙක්සාස් ප්රාන්තයෙන් රෝගියෙකු පිළිබඳ වාර්තා වී ඇති බව .
අදාළ කාන්තාව මේ වනවිට රෝගය පැතිර පවත්නා කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇයගේ සහකරු වෙනිසුවෙලාවේ සිට පැමිණි අයෙකු බවට හෙළිදරව් වී තිබේ.
ගැබිණි මවකට අසාදනය වුවහොත් ඇයගේ දරුවා උපත ලබන්නේ, නිසි ලෙස වර්ධනය නොවු මොළයක් සහිතව .
මූලිකව මදුරුවෙකු මගින් පැතිර යන මෙම වෛරසය ගැබිණි මාතාවකට වැළඳුණ හොත් ලඝු ශීර්ෂතාව (සාපේක්ෂව කුඩා වූ හිස් කබළක් සහ මොළය ඇකිළිණු ස්වාභාවයක්) සහිත දරුවන් උපදිනු ඇති.
මෙම වෛරසය වැළඳුණු ළදරුවන්ගේ ජීවිත කාලය පුරා විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර ඉන් දරුවන්ට දැඩි බලපෑම් අති කරනු ඇති බවට සෞඛ් බලධාරීහු අනතුරු අඟවති.

වෛරසය
වැළඳුණු පුද්ගලයන් සුළු උණ, සිරුරේ මෙන් හන්දිවල වේදනාව ඇති වීම සහ හිසේ කැක්කුම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
ඩෙංගු මෙන් චිකන්ගුන්යා වසංගත රෝග පැතිරීවීමට මුල් වන ඊඩිස් ඓජිප්ටයි මදුරුවා විසින් මෙම සිකා වෛරස පතුරුවනු ලබයි.

වෛරසය පැතිරී ගොස් ඇති රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ලොව බොහෝ රටවල් මීට පෙර සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කළේ .
එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ ගැබිණි කාන්තාවන් සම්බන්ධයෙනි.

මේ අතර මෙරට සෞඛ් අමාත්යාංශය සිකා වෛරස් රෝගය පැතිරී ඇති රටවල සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙස මෙරට ජනාතවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.



Friday, February 19, 2016

දස්කොන් ..මා..



අහිමි බව නොදැනම නොවේ
එදා නුඹ හට පෙම් කළේ
අසම්මත පෙම්වතෙකි මා නම්..
නුඹට  බිසවුනේ


දහසකුත් අඟනුන් ලොවේ
දැකල ඇති නෙත් දෙක මගේ ..
අනුන් සතු නුඹ ළඟම විතරයි
මගේ හදවත නැවතුනේ

තබා උගසට දිවි මගේ ..
පෙම්කළේ නුඹ හට ළඳේ
එහෙව් මා අතහැර යන්නේද  …
ලොවේ ගැරහුම් ඉදිරියේ

චපල නුඹෙ හදවතට
පෙම් කරල දිවි පිදුවනේ
නුඹ ගැනම විතරමයි හිතුවේ ..
මැරෙද්දිත් දස්කොන් නුඹේ

පෙම් කළා නම් එක වගේ ..
වෙන්කරද්දී හිස මගේ
රජුගෙ දෑතේ පැටලිලා නුඹ
හිනැහුනේ කොහොමද අනේ ..

නැහැ පුදුම ගැන අනේ
එයයි සොබාව මේ ලොවේ
පහත් තැනකින්මයි ගලන්නේ ..

හැමදාම ලෝකයෙ ජලේ

                  **අකලංක**

Thursday, February 18, 2016

මගේපළමු පෝස්ටුව... - කොළොම්තොට යන්න සැරසෙන නංගී වෙත.......

කොළොම්තොට යන්න සැරසෙන නංගී වෙත.......

රන් ගොයම් කරලක
හරිත වන වදුලක
කදු මුදුන් අතරින් පතිත
නැවුම් හිරු කිරණක
සිහිල අසිරිය විදි නුඹ
යන්න සැරසී කොලොම්තොට වෙත..........

සිහින් ගීයක් මුමනමින්
ගලන වැව් දිය සිසිල විදි නුඹට
නොගෙනේවි සිසිල් පහසක්
කැකෑරුන දිය මල යට............

වැසි වසී කොළඹට
දූලි කලු දුම් රොටු මුසුව
නොලැබේවි නුඹට පිරිසීදුම දිය බිදක්
තුරු හිස් සිප වැටෙන සීතල............

නීල තුරු අතරින් හමා මද පවන
මතකද නුබට සිත් සේ වීදි
උනුසූම්ම මද පවන පෙලාවී නුඹ ගත
යකඩ රළු ගොඩනැගිලි අතරින් හමන................

කොළඹ කලබලය ලෙස
ගම් පියසෙ නිල් අහස
නිහඩ සුවයක් ගෙනා මතකද...........

නෙත ගැටෙන සෙනෙහෙබර දෑස්
ගම තුලින් වීකසිත
නොලබාවි නුබ සෙනෙහෙබර දෑසක්
කොලොම්තොට සැරිසර........


තනියට නුබේ සිත නිවූ
නිසල විල් තෙර අසල
නුඹට ලෙන්ගතු විහඟුන්
විමසාවි කෝ කොහිද නුඹ
ගයාවී දුක්බර ගීත
සුසුම් තනුවක මුසුකර.........


සෙනෙහසම ලෙන්ගතුකමම හද රැදි
සොඳුරු ගම අතහැර
යා යුතුම නුබ කොලොම්තොට වෙත
දිනන්නට දිවි මග
දිනන් දිවි මග
නොකර අමතක
"
නුඹට හුරු මේ මතකයන්."'..................


**** අයියා... ****