nevigation bar

Monday, March 14, 2016

බලාපොරොත්තුව......



එකා පසුපස එකා හා
එකාපිට එකා නැගි වලාකුළු
බොහෝ දුර ගමන් යනු දුටුවෙමි
කොහෙට හෝ වැස්ස අරන් යනවා ඇති
අපි දිහා ඇස් හැර නොබලමින්...


ඉවසන්න මහ පොළව
අපි දිහා ඇස් හැර බලන
එක ශේෂ වලාවක් හෝ ඇති
කොහේ හෝ ඈතක එන මග වැරදී
හමා එන්නට සුළඟක් සොය සොයා...