nevigation bar

HTML මුල සිට (part-01) video සමග

HTML යනු පොදුවේ ඕනෑම පරිගණකයක හදුනා ගත හැකි වෙබ් ඩිසයිනින් භාෂාවකි .එය Hyper Text Markup Language කියා හදුන්වයි.

මෙහි ඇති විශේශත්වය මෙම වෙබ් අඩවි සෑදීමට විශේෂ මෘදුකාංගයක් අවශය නොවීමයි.
පළමුව පරිගණකයේ All programs >Accessories >Notepad වෙත යන්න , පසුව Notepad විවෘත කර පහත  ලෙස code එක ලියන්න පටන් ගන්න .

මේසේ වෙබ් පිටුවකට අදාළ code ලියන විට අලුත්ම HTML5 යාවත්කාලීන  කිරීමට අනුව ආරම්භය <!DOCTYPE html>   ලෙස යෙදිය යුතුය.

සරළ html code  ආකෘතියක් පහත දැක්වේ .

<!DOCTYPE html>
<html>
      <head>
              <title>
 HIGHER  EDUCATION OF SRILANKA</title>

<head>
<body>
                   HIGHER  EDUCATION OF SRILANKA
</body>
</html>


මෙහි නිල් පාටින් දක්වා ඇති කොටස් ඔබට කැමති පරිදි වෙනස් කළ හැක.


Notepad එකෙහි Save as click කර File Name සදහා සුදුසු නමක් යොදා අගට .html හෝ .htm ලෙස ලබා දෙන්න .

ඊට පහළ මෙනුවෙන් All File යන්න ලබා දෙන්න. පසුව Save කරන්න.


මීළගට අපි සරල web පිටුවක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පහත  vedeoව මගින් බලමු.





අපි මීළග පාඩම් මාලාව තුළින් HTML භාවිතා කර පිංතූරයක් කෙසේද වෙබ් පිටුවකට යොදන්නෙ යන්න ඉගෙන ගනිමු.
     රැදෙන්න pattiyaa.blogspot.com සමග....

No comments: