අහිමි
බව නොදැනම නොවේ …
එදා
නුඹ හට පෙම් කළේ
අසම්මත
පෙම්වතෙකි මා නම්..
නුඹට බිසවුනේ
…
දහසකුත්
අඟනුන් ලොවේ …
දැකල
ඇති නෙත් දෙක මගේ ..
අනුන්
සතු නුඹ ළඟම විතරයි …
මගේ
හදවත නැවතුනේ …
තබා
උගසට දිවි මගේ ..
පෙම්කළේ
නුඹ හට ළඳේ…
එහෙව්
මා අතහැර යන්නේද …
ලොවේ
ගැරහුම් ඉදිරියේ …
චපල
නුඹෙ හදවතට ඒ …
පෙම්
කරල දිවි පිදුවනේ …
නුඹ
ගැනම විතරමයි හිතුවේ ..
මැරෙද්දිත්
දස්කොන් නුඹේ…
පෙම්
කළා නම් එක වගේ ..
වෙන්කරද්දී
හිස මගේ …
රජුගෙ
දෑතේ පැටලිලා නුඹ…
හිනැහුනේ
කොහොමද අනේ ..
නැහැ
පුදුම ඒ ගැන අනේ …
එයයි
සොබාව මේ ලොවේ …
පහත්
තැනකින්මයි ගලන්නේ ..
හැමදාම
ලෝකයෙ ජලේ …
**අකලංක**
No comments:
Post a Comment