nevigation bar

Wednesday, August 31, 2016

තුන්කොන් ආදරය

සයුර මා විය..අහස ඔබ විය..
දෙදෙන යා කල..ක්ෂිතජයක් විය.. 

සසල කර හද 
නුඹට ලං කර  
විදවමී තව 
අතර මැදි සිත 


නුඹට මා විය 
මටද නුඹ විය 
සිතුවේ නෑ තව කෙනෙක් නුඹ හැර

එනුදු ප්‍රේමය කෙසේ හගවම්ද
ලෝකයා හෙට කියයි රස කර 
අදත් මුහුදේ හිරු සැගව ගිය බව 

සැබවින්ම හිරු හෙටත් පයාවි අදුරු අහස එකලු කරගෙන 


Thursday, May 12, 2016

හිමි වී අහිමි වී.....


ඔබ පෙම් කල අය ඔබට ලෑබී නැත...
මා පෙම් කල අය මටද ලෑබී නැත...
සිහින  පමණක් හිතේ ඇති
මග බලා හඩන..
..
.
මවුපිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත...

රැකගම්ද කවුරු....



දෙවුරක නැවතුනු සිතට...
අසරණව අතරමං වූ...
විඩාවකි නුඹ ඉතින්...


මිතුරියද වටී නම්...
ආදරයද වටී නම්...
රැකගම්ද කාව නම්...
ඇසී සුසුම් හඩ මගේ...
ගහ වැලද ඉකිබිඳී ඉතින්...

මුදනු කවුරු ඇවිත් සිත......


Monday, March 14, 2016

බලාපොරොත්තුව......



එකා පසුපස එකා හා
එකාපිට එකා නැගි වලාකුළු
බොහෝ දුර ගමන් යනු දුටුවෙමි
කොහෙට හෝ වැස්ස අරන් යනවා ඇති
අපි දිහා ඇස් හැර නොබලමින්...


ඉවසන්න මහ පොළව
අපි දිහා ඇස් හැර බලන
එක ශේෂ වලාවක් හෝ ඇති
කොහේ හෝ ඈතක එන මග වැරදී
හමා එන්නට සුළඟක් සොය සොයා...