Sunday, October 2, 2016
නූතන අපේ ආදරය
ආදරය
සිවු වසරක් ,පස් වසරක් ලෙස
සුදු රෙද්දක් මත පමණක් දෝරේ ගලයි
බලන්න
හපා විසි කල චුවින්ගමයක්
මග වැටී ඇත
තවත් කෙළතොලු කටකට
අසූවේද බයෙන්
"හුස්ම ගමින් හෙමින් හෙමින් ..."
Wednesday, August 31, 2016
තුන්කොන් ආදරය
සයුර මා විය..අහස ඔබ විය..
දෙදෙන යා කල..ක්ෂිතජයක් විය..
සසල කර හද
නුඹට ලං කර
විදවමී තව
අතර මැදි සිත
මටද නුඹ විය
සිතුවේ නෑ තව කෙනෙක් නුඹ හැර
එනුදු ප්‍රේමය කෙසේ හගවම්ද
ලෝකයා හෙට කියයි රස කර
අදත් මුහුදේ හිරු සැගව ගිය බව
සැබවින්ම හිරු හෙටත් පයාවි අදුරු අහස එකලු කරගෙන
අදත් මුහුදේ හිරු සැගව ගිය බව
සැබවින්ම හිරු හෙටත් පයාවි අදුරු අහස එකලු කරගෙන
Thursday, May 12, 2016
හිමි වී අහිමි වී.....
රැකගම්ද කවුරු....
Subscribe to:
Posts (Atom)



