nevigation bar

Thursday, May 12, 2016

හිමි වී අහිමි වී.....


ඔබ පෙම් කල අය ඔබට ලෑබී නැත...
මා පෙම් කල අය මටද ලෑබී නැත...
සිහින  පමණක් හිතේ ඇති
මග බලා හඩන..
..
.
මවුපිය නෑසිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත...

රැකගම්ද කවුරු....



දෙවුරක නැවතුනු සිතට...
අසරණව අතරමං වූ...
විඩාවකි නුඹ ඉතින්...


මිතුරියද වටී නම්...
ආදරයද වටී නම්...
රැකගම්ද කාව නම්...
ඇසී සුසුම් හඩ මගේ...
ගහ වැලද ඉකිබිඳී ඉතින්...

මුදනු කවුරු ඇවිත් සිත......


Monday, March 14, 2016

බලාපොරොත්තුව......



එකා පසුපස එකා හා
එකාපිට එකා නැගි වලාකුළු
බොහෝ දුර ගමන් යනු දුටුවෙමි
කොහෙට හෝ වැස්ස අරන් යනවා ඇති
අපි දිහා ඇස් හැර නොබලමින්...


ඉවසන්න මහ පොළව
අපි දිහා ඇස් හැර බලන
එක ශේෂ වලාවක් හෝ ඇති
කොහේ හෝ ඈතක එන මග වැරදී
හමා එන්නට සුළඟක් සොය සොයා...


Saturday, February 27, 2016

නොදැවුණු සිත



දල්වා පහන් වැට
පුදා සුවද මල් සමිදුට
වෙහෙර හා බෝ -මැඩට
වැතිරුනෙමි මලුවෙම
නිවාලන්නට මසිත



බෝ-මැඩ දී ලැබෙන
නිරාමිස සුවයෙන්ම
හෝරා වකින් අඩකට......


සිතට මොන සුවයක්ද
නුරාවට කැමති සිත
දුවයි ඒ මේ අතට


වත දරා කෙටි ඇදුම්
නොපෙන්විය යුතු තැන්ද
පෙන්වමින් යන්තමින්
පන්සලක් බව නොදැන
බෝ සමිදු
වටායන
නෙක නාරි රැ දකින


මගේ නෙත් දෙක සමග


                 **අකලංක**